ඉන්දියාවේ නව දිල්ලි නුවරදී ඉකුත් දා මැර රංචුවකින් කෙළෙසීමට ලක්වී සිංගප්පූරු රෝහලකදී මිය ගිය 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවගේ මරණයට විරෝදය දැක්වීමත්, එම දූෂිතයනට වහා දඬුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා කොළඹ විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිටදී අද උදෑසන නිහඬ සත්‍යග්‍රහයක් සහ විරෝධතා පෙත්සමක් අත්සන් කිරීම සිදු විය.
එක්සත් ලක් වනිතා පෙරමුණ මේ විරෝධතාව සංවිධානය කළේය.
එම පෙරමුණේ සභාපතිනි පළාත් සභා මන්ත්‍රිනී ශාන්තිනී කෝන්ගහගේ, කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතාගේ බරිඳ ෆෙරෝඩා මුසම්මිල් යන මහත්මීන් ඇතුළු කාන්තාවෝ පිරිසක් මෙයට එක්වූහ.
මහ මග ගමන් කරන ජනතාව පැමිණ මෙම විරෝධතාවට සහාය පල කරමින් පෙත්සමට අත්සන් කළහ.



