ලක් පෙම්වතා වෙරෝනා ගඟට පනී
පෙම්වතිය සමග අමනාපවූ වෙන්නප්පුවේ තරුණයකු ඉතාලියේ වෙරෝනා ගඟට පැන ඇතැයි පොලීසිය කියයි. ඔහු සොයාගැනීමට කිමිදුම් කරුවන් ද යෙදවූ නමුත් පැය 14 ට පසුව ද සොයාගත නොහැකි විය. අද එම පළාතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක පහ දක්වා පහළ බැස තිබිණි. 23 හැවිරිදි ඔහුගේ නම දනුක ජයමාල් ලෙස්ලි බව වෙරෝනා පොලීසිය කියයි.

