ලක් පුතෙක් ලංකාවේ නම තියයි
හන්වැල්ලේ ජයන්ත තමිපෝ මහතා වසර ගනනාවක පටන් ඉතාලි පාදෝවා නුවර පදිංවී සිටිති. දිනපතා සේවය සදහා බසයෙන් ගමන් ගන්නා ඔහු පසුගියදා සේවය නිමකොට තම නිවස බලා යමින් සිටියේය. අවසන් නැවතූමිපොළින් බැසයෑමට සුදානමි වු මොහොතේ යාබද අසුනක්අයිතිකරුවකූ නොමැති බෑගයක් ඔහු දුටුවේය. ඵ් වන වීට වෙනත් කිසිදු අයෙකූ බස් රථයේ නොවීය. බෑගය පරික්‍ෂා කිරිමේදී යුරෝ පන්සිය පනහක්(රුපිල් අනුදහසක්) අඩංගූ මුදල් පසුම්බිය ද රියදුරු බලපත‍්‍රයක් ඇතුළු ලියකියවීලි රැසක් ද සමග ඇපල් සමාගමේ නවතම නිෂ්පාදනයක් වන අයිපෑඩි 3 සැහැල්ලු පරිගනකයත් ද දුටුවේය. මුදල් පසුමිවීබියේ ලියා තිබු දුරකථන අංකයට කතා කළ තමිපෝ ඵහි අයිතිකරු වන පාදෝවා දිස්ත‍්‍රික්කයට අයත් ආබනෝ නගරයේ පදිංචිකරුවකු වන ඉතාලි ජාතික රෝබැර්තෝ මෙනන්ට බෑගය බාර දුන්නේය. රෝහලේ නැවති ප‍්‍රතිකාර ගන්නා තම මව බැලිමට එද්දී බැගය අමතකව ගිය බව ඔහු තමිපෝට කියා ඇත. මෙම අවංක ක‍්‍රියාවට තම හෘදයාංගම ස්තූතිය පුදකළ රොබැර්තෝ ගේ මුදල් පරිත්‍යාගය ද තමා ප‍්‍රතික්ෂේප කළ බව තමිපෝ මහතා කියයි.

