ලක් නැටුමෙන් ඔහායෝ අලංකාර වෙයි


(බිමල් ජයසේකර ඇමරිකාවේ සිට ) - ඇමරිකාවේ  ඔහායෝ බෞද්ධ දහම් පාසලේ ශ්‍රී ලංකික දරුදැරියන්ගේ දස්කම් ඇතුලත් ප්‍රසංගයක් පසුගියදා සින්සිනාට් නගරයේදී පැවැත්විණි. චාම් හෙට්ටිආරච්චි ගේ සහ දුෂි හෙට්ටිආරච්චි ගේ අදහසක් අනුව සංවිධානය කරන ලද මෙම "සිඟිති  දහම් මිහිර 2012" ප්‍රසංගය සඳහා ඔහායෝ බෞද්ධ විහාරාධිපති කෝප්පකන්දේ සුමනජෝති හිමියන්ගේ අනුග්‍රහය සහ අනුශාසකත්වය ලැබිණි. ප්‍රසංගය සංවිධානය කිරීම සදහා සින්සිනාට්, ඩේටන්, කොලොම්බස්, ලේක්ෂින්ටන් සහ ලුවිවිල් යන නගරවල ශ්‍රී ලාංකිකයන්ගේද සහයෝගය ලැබිණි. ප්‍රසංගයේදී සිංහල දරුදැරියන් සියයක් පමණ තම දස්කම් එළිදැක්වුහ. කෙටි නාට්‍ය, නැටුම්, ගීත ගායනා භක්ති ගීත, වීඩියෝ දර්ශන ඇතුළු විශේෂාංග වලින් ප්‍රසංගය හැඩ විය.