සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් හුසේන් මොහොමඩ් මහතා ප්‍රථම වරට නැගෙනහිර කලාපීය ශ්‍රී ලාංකිකයින් හමු විය.
සෞදි ශ්‍රී ලංකා වෙළෙඳ සබඳතා මෙන්ම සෞදි සංචාරකයින් ශ්‍රී ලංකාවට තව තවත් නැඹුරු කිරීමේ සාර්ථක පියවරක් ඉදිරියට තැබීම ශ්‍රී ලංකා රජය ලැබු ලොකු ජයග්‍රහණයක් බවත් ශ්‍රී ලංකාවේ ආයෝජනයට සෞදි රජයෙන් ආධාර මෙන්ම සෞදි අරාබියේ රැකියාවන් සඳහා පැමිණෙන ගෘහ සේවිකාවන් ඇතුළු නුපුහුණු ශ්‍රමිකයින් හට පුහුණු වැඩසටහන් ඇරැඹීමට සෞදි තාක්ෂණ නිලධාරීන් ඉදිරි දෙසතියක දී ශ්‍රී ලංකාවට යෑමට නියමිත බවත් ඔහු කීවේය.
දමාම් නුවරට බොහෝ ඈතින් පිහිටි අල් හසා සහ හෆුෆ් ප්‍රදේශවලද සංචාරය කළ තානාපති එහි ශ්‍රී ලාංකිකයාන්ගේ තොරතුරු සොයා බැලීය.
සෆුවා ප්‍රදේශයේද සංචාරය කළ තනාපති එහි ශ්‍රී ලාංකික හා ව්‍යාපාරික ප්‍රජාව විසින් පිළිගනු ලැබීය.
ශ්‍රී ලාංකික දරුදැරියන් සඳහා ජාත්‍යන්තර පාසලක් ලබා දෙන්නැයි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ ඉල්ලුහ.
හුසේන් මොහොමඩ් මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික සහෝදර ජනතාව වෙනුවෙන් ඕනෑම සුබවාදී කටයුත්තක් කිරීමට තමා සෑම උත්සාහයක්ම ගන්නා බවයි.
නැගෙනහිර පළාතේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ සුභසාධන නියෝජිත චාලි තලයරත්න මහතාද තනාපති සමඟ මේ ගමනට සහභාගී විය.








