ලක් කී‍්‍රඩකයනට ලන්ඩන් හරසර


ශ්‍රී ලංකා වේලාවෙන් අද මැදියම් රැය වනවිට නැගෙනහිර ලන්ඩයේදී විවෘත වන තිස්වැනි ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ නැගෙනහිර ලන්ඩයේ ශ්‍රීලාංකිකයන් විසින් උණුසුම් ලෙසින් පිළිගනු ලැබූහ. ගුවන් තොටින් එළියට එනවිට ජාතික කොඩිය දැකීමෙන් තම කණ්ඩායම උද්ධාමයටත් ප‍්‍රබෝධයටත් පත්වූ බව ශ්‍රී ලංකා කළමණාකරු කියයි. මෙත්සිරි විජේරත්න,රෝයි ඇන්තනී,නන්ද වික‍්‍රමනායක,කි‍්‍රස්ටිනා  මැක්ඩොනල්ඞ්, සුනීතා සිරිවර්ධන හා පැමියෝලා මියෝති ඔවුන් පිළිගැනීමට ගිය අය අතර වූහ.ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු උප සභාපති දේවා හෙන්රි ලේකම් මැක්ස්වෙල් සිල්වා කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් රංජනී ජයකොඩි හා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායකද කී‍්‍රඩකයන් සමඟ ආහ.