ලක් කත වැලිකතරේදී කෙලෙසයි


කුවේට් රාජ්‍යයේ කුවේට් නුවරදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක පැහැර ගෙන ගොස් කෙලෙසී යැයි කියන බංගලිදේශ ජාතිකයන් තිදෙනකු සොයන බව ඇනහාර් පුවත්පත කියයි. පාරක ගමන් කරද්දී කාරයකින් ආ තිදෙනකු තමා බලෙන් එම රියට ඇදගෙන සභා අල් අහමඞ් කාන්තාරයට රැගෙන ගොස් කිහිපවරක් කෙලෙසූ බව ඇයගේ පැමිණිල්ලේ දැක්වේ. දූෂකයන් තිදෙනා මත් පැන් බොද්දී තමා පැන ආ බව ඇය කියා ඇත.