ලක් ඇතින්නට වද හිංසා කරයි By None // 2012 නොවැ 26 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලංකාවේ සිට ගෙන්වාගත් ඇතින්නකට වද හිංසා කිරීම ගැන එංගලන්තයේ සර්කස් කණ්ඩායමක හිමිකරුවකු වරද කරු කරමින් නඩු තීන්දුවක් දී ඇත. එංගලන්තයේ සතුන් යොදාගනිමින් පවත්වාගෙන ගිය අවසාන සර්කස් කණ්ඩායමේ හිමිකරු වූ බොබී රොබර්ට් සහ එම කණ්ඩායමේ සිටි ‘‘ඈන්’’ නම් වූ ශ්‍රී ලංකා ඇතින්න බලාගත් රුමේනියා ජාතික ඇත්ගොව්වාට විරුද්ධව මෙම නඩුව පවරා තිබුණේ නොත්හැම්ටන් උසාවියේය. දැනට 58 වන වියේ පසුවන එම ඇතින්න සර්කස් කණ්ඩායමට ගෙන්වාගෙන ඇත්තේ පැටවකු කාලයේදීය. බොහෝ දිනවල ඇය දන්වැල් යොදා එකම තැනක බැද තැබීමත් මීට දිග මුල්ලූවකින් පහරදීමට ඉඩහැරීමක්, වයස්ගත ඇතින්නට වෛද්‍ය පහසුකම් ලබාදීමට පියවර නොගැනීමත් සර්කස් කණ්ඩායම් හිමිකරුට නැගුණ චෝදනා විය. සතුන්ගේ සුභසාදනය පිළිඳ සොයා බලන එන්ජී ඕ සංවිධානයක් බොබී රොබර්ට්ස්ට විරුද්ධව නඩු පවරා ඇත. වසරකටත් වඩා දිගු කාලයක් පැවැති නඩු විභාගයේදී ඇතින්න බැඳ සිටි කුඩාරමේ තිබූ ආරක්‍ෂක කැමරාවල පටිගත වී තිබූ දර්ශන ප‍්‍රධාන සාක්ෂි වශයෙන් උසාවියට ඉදිරිපත් කර තිබිණි. ඇතින්නට වදහිංසා කිරීමට ඉඩ හැර ඇස් කන් පියාගෙන සිටීම පිළිබඳව 69 හැවිරිදි රොබර්ට්ස් වරදකරු වූ අතර අවුරුදු තුනක ශරීර ඇපයක් මත කොන්දේසි සහිතව නිදහස් කැරිණි. සර්කස් කණ්ඩායම්වල සතුන් යොදාගැනීම පිළිබඳව සර්කස් ලෝලයින්ගෙන් මතු වූ අප‍්‍රසාදය නිසා රොබර්ට්ස් සර්කස් කණ්ඩායම බංකොලොත් භාවයට පත් විය. ‘‘ඈන්’’ ඇතින්න දැන් එංගලන්තයේ ඇති හොඳම සතුන්වත්ත වන ලෝන්ග්ලීට් වන උයනේ සතුටින් නිදැල්ලේ ජීවත් වන්නීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත