ලංගම සේවකයෝ පඩි ඉල්ලා වැඩ වරති


දෙමාසයකින් මාසික වේතනය නොලැබූ බව කියමින් ගල්ගමුව ලංගම සේවකයෝ පිරිසක් අද වැඩ වැරූහ. රියැදුරෝ, කොන්දොස්තරවරු, කර්මික නිලධරයෝ සහ කාර්යාල සේවකයෝ පිරිසක් මිට එක් වූහ. මේ හේතුවෙන් මාර්ග රැසක බස් ධාවනය ඇන හිටි බවත් මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි කියති.  පඩි ලබා දෙනතෙක් මෙම වර්ජනය කරන බව වර්ජකයෝ කියති.