ලංගම සභාපතිට කළ ප්‍රහාරයට විරෝධයක්


(මහින්ද නිශ්ශංක)
 
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ  සභාපති  එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතාට එම ප්‍රධාන කාර්යාලයේ දී  මැර ප්‍රහාරයක්  එල්ල කිරිමට  විරෝධය දක්වා  එහි  සේවක සේවිකාවෝ  අද (29) විරෝධතාවයක යෙදුණහ.

දහවල් කැම පැයේ දී  මෙම විරෝධතාවය පැවැත්විණි.

මහනුවර, කොළඹ, සුඛෝපභෝගී  පෞද්ගලික බස් සේවාව සඳහා විධිමත්  චක්‍රීය කාල සටහනක් ක්‍රියාත්මක කිරිම පිළිබඳව බස් හිමියන් දැනුවත් කිරිමට  යාමේ දී  එය ට උරණ වු  බස් හිමියෝ කිප දෙනෙකු මෙම පහරදීම සිදු කර ඇත.