ලංගම මානව හිමිකම් කොමිසමට යයි


ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය මානව හිමිකම් කොමිසමට අද පැමිණිලි කෙළේය. සේවක මාසික වේතනය නියමිත දිනට නොගෙවීම, අර්ථසාධක අරමුදල් විධිමත් ලෙස බැංකු ගත නොකිරීම, විශ්‍රාම ගිය පසු හිමි විය යුතු පාරිතෝෂිත මුදල නියමිත කාලයට නොලැබීම යන කරුණු සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි කළ බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් සේපාල ලියනගේ කියයි.