ලංගම බසයට අඩයක් නොවේ


හැටන් ලංගම ඩිපෝවෙන් අම්පාර දක්වා බසයක් ධාවනය කිරීමෙන් පෞද්ගලික බස් කිහිපයක ආදායම අඩුවෙතියි පෞද්ගලික බස් විසි දෙකක හිමිකරුවෝ ද සේවකයෝ ද ලංගම බසයට ධාවනය වීමට ඉඩ නොදී  අම්පාරේ උදඝෝෂණය කළහ. පොලිසිය මැදිහත් වී මිනිත්තු 45 කට පසුව ලංගම බසය පිටත් කැර යැවීය. විසැඳුමක් ලැබෙන තුරුපෞද්ගලික බස් ධාවනය නොකෙරෙන බව දිගාමඩුල්ල පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ඩී. ගුණදාස මහතා කියයි. ලංගම නැගෙනහිර ප්‍රධාන ධාවන කළමනාකරු මොහොමඩ් නිස්රි මහතා පැවැසුයේ සියලු පාර්ශව සමග සාකච්ඡා කැර ඉක්මණින් විසැඳුමක් දෙන බවයි.