ලංකාවේ සොච්චමකුත් ස්විස් බැංකුවේ


ශ්‍රී ලංකාවේ  පුද්ගලයන්, සමාගම් හෝ ශ්‍රී ලංකා රජය ස්විට්සර්ලන්තයේ රහසිගත බැංකු ගිණුම්වල ගිය වසරේ ස්විස් ප‍්‍රෑන්ස් කෝටි අටහමාරකට වඩා (රුපියල් කෝටි 1198.5 ක් පමණ) තැන්පත් කර තුබූ බවත් ස්විස් ප‍්‍රෑන්ක් කෝටි 4.4 ක් බැරකම් ලෙස පෙන්වා තැබූ බවත් ස්විස් ජාතික බැංකුවේ නිල දත්තවලින් දැක්වෙයි. ස්විස් ප‍්‍රෑන්කය වටිනාකමින් ඇමෙරිකා ඩොලරයට වඩා ඉහළ අගයක් ගනී. නැත්නම් ඒ හා සමානය. ස්විස් ප‍්‍රෑන්කයක් අද(1) ශ්‍රී ලංකා රුපියල් 141.25 කි. මේ වත්කම් හා බැරකම් කාගේ දැයි ස්විස් මහා බැංකුව හෙළි නොකරයි. එහෙත් ලොව එක් එක් රටක් සම්බන්ධයෙන් ඒ රට යටතේ එම විස්තර දක්වයි. ආයෝජකයන්ගේ හා ණය කරුවන්ගේ තොරතුරු හෙළි නොකිරීමට ස්විස් බැංකු නීතියෙන් බැඳී සිටියි. දුෂිත ආණ්ඩු, පුද්ගලයන් හා ව්‍යාපාරිකයන් අයථා ක‍්‍රමවලින් සොයාගන්නා මුදල් ස්විස් බැංකුවල තැන්පත් කරතියි විශ්වාස කැරේ. 2002 සිට 2011 දක්වා රටල් 200 ක වත්කම් හා බැරකම් ස්විස් ජාතික බැංකුවේ ඇති බව 2011 වාර්ෂික වාර්තාවේ දැක්වේ. සියලූ ස්විස් බැංකුවල 2002 දී ශ්‍රී ලංකා වත්කම් ස්විස් ප‍්‍රෑන්ක් දෙකෝටි විසි නව ලක්‍ෂයක් විය. 2003 තුන්කෝටි හතළිස් හත් ලක්‍ෂයකි. 2004 දසකෝටි පනස්පත් ලක්‍ෂයයි. 2005 දාහත් කෝටි හැත්තෑ හය ලක්‍ෂයයි. 2006 පන්කෝටි හැටපන් ලක්‍ෂයයි. 2007 දොළොස් කෝටි තිස්පන් ලක්‍ෂයයි. 2008 දස කෝටි හතළිස් අට ලක්‍ෂයි. 2009 අටකෝටි හැත්තෑපන් ලක්‍ෂයය. 2010 එකොළොස් කෝටි දහතුන් ලක්‍ෂයි. මේ ආයෝජන වැඩි හරියක්ම ඉතිරි කිරීමේ ගිණුම්වල තැන්පත් කර ඇත. බැරකම් 2002 ස්විස් ප‍්‍රෑන්ක් තුන්කෝටි හැටතුන් ලක්‍ෂයයි 2003 කෝටි 8.4 යි, 2004 කෝටි 20.54යි. 2005 කෝටි 20.62, 2006 කෝටි 16.68, 2007, කෝටි 17.14 2008 කෝටි 5.31, 2009 කෝටි 5.07, 2010 කෝටි 5.19 යි. 2002-2011 අතර කාලය ශ්‍රී ලංකා බැංකු ආයෝජන මෙසේය. ස්විස් ප‍්‍රෑන්ක් කෝටි 1.23, 1.23 යි, කෝටි 2.42, කෝටි 7.84, කෝටි 4.15, කෝටි 9.41, කෝටි 6.06, කෝටි 8.21 යි. කෝටි 8.57 කෝටි 7.77 යි. කෝටි 15 ක ජනගහනයක් ද ශ්‍රී ලංකාවට වඩා ඒක පුද්ගල ආදායම වැඩි ධනවතුන් සිටින බංගලිදේශයේ ස්විස් ආයෝජන මීට වඩා අඩුය.