(වරුණ නවදිල්ලියේ සිට) ඉන්දියාවේ නවදිල්ලි නුවර දිල්ලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලංකා සිසුන්ගේ නර්තන සහ සංගීත උළෙලක් නවදිල්ලියේ “සිරි පෝට්“ රංග ශාලාවේදී පැවැත්විණි. එහිදී සිසුහු උඩරට සහ පහතරට නර්තනාංග ඉදිරිපත් කළහ. සංස්කෘතික සබදතා පිළිබද ඉන්දීය කවුන්සිලය මේ වැඩසටහන සංවිධානය කළේය.
