ලංකාවේ නම තියයි


රංගිරි දඹුලු රජ මහා විහාරයේ  පඩිපෙළක අමතකවී ගිය රුපියල්  ලක්ෂ දෙකක් පමණ වටිනා  කැමරාවක් ජර්මන් ජාතික අයිතිකරු වෙතම ලබා දීමට රංගිරි දඹුලු රජ මහා විහාරයේ  ආරක්ෂක නිලධරයන් දෙදෙනකු වන ඩී ජී සිරිසේන සහ හේරත් යන මහත්වරු ක්‍රියා කළහ.

පඩිපෙළෙහි කැමරාව තිබෙනු දුටු මොවුන්  දෙදෙනා අයිතිකරු සෙවු නම්තු හමු නොවු නිසා  රංගිරි දඹුලු විහාරවාසී දානිගම ආනන්ද හිමියන්ට    දැනුම් දී  ඇත.

පසුව විහාරස්ථානයේ පොලිස් මුරපොළේ සහාය ද ඇතිව  කැමරාව සොයා පැමිණි අයිතිකරු වන ජර්මන් ජාතික ස්කේන් පාන්අවුට් ඡායාරූප ශිල්පියාට කැමරාව භාර දුන්නේය.