ලංකාවේ නම කැත කළ ව්‍යාපාරිකයා අල්ලයි


ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අනර්ඝ පිරිසිදු තේ යනුවෙන් හඳුන්වා සෞදි අරාබියට අපනයනය කිරීමට සූදානම් කැර තිබූ කසල තේ කොළ කිලෝ 80000ක් අඩංගු කන්ටේනර හතරක් රේගු නිවාරණ අංශය අද අත්අඩංගුවට ගනු ලැබීය. කොහුබත් ලෙස ප්‍රකාශ කොට මෙම කසළ තේ ආනයනය කිරීමට තැත්කළ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ද රේගුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඒ යී වලවගේ මහතා පැවසීය.