ලංකාවෙන් තෑගි කළ සර්වඥධාතු සොරා ගනී


බුදුන් වහන්සේගේ කෙස්, දත් ඇට ඇතුළත් රන් බඳුනක් පපංසලකින් සොයා ගත් බව කියන පිරිසක් ද සමග ධාතූන් වහන්සේලේ සොයා ගැනීමට කාම්බෝජ පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත.

2500 බුද්ධ ජයන්තිය සැමරීම වස් මෙම ධාතූන් වහන්සේලා 1950 දී ශ්‍රී ලංකාවෙන් කාම්බෝජයට පරිත්‍යාග කළ බව දැනගන්නට ඇත.

දස දහස් ගණනක් බෞද්ධයන් රැස්වූ උත්සනයක දී නොරදොම් සිහනුක් රජ 2002දී මෙම ධාතූන් වහන්සේලා නොම්පෙන් නුවර සිට කිලෝමීටර 45ක් දුරින් පිහිටි ඌඩොංහි විහාරස්ථානයකට වැඩම කැරවීය.

රාජකීය නගරයක් වූ ඌඩොං කඳුකරයේ විහාරස්ථානයකින් මෙම මහාර්ඝ වස්තුව සොරකම් කරගෙන ඇතැයි පොලිසිය කියයි.

‘සියයට අනූවක්ම කාම්බෝජයේ ජනයා බෞද්ධයෝ. සර්වඥ ධාතුවලට අපි පණ මෙන් සලකනවා ‘ යැයි ජාතික පොලිස් ප්‍රකාශක කීර්ට් චන්තාරි කියයි.