ඩුබායි නුවර අරාබි ගොවිපොළ ප්‍රදේශයේ ලන්දේසි ජාතිකයකුගේ නිවසේ සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක ඇගේ සැමියා විසින් මරා දමන ලදැයි ඩුබායි පොලීසිය කියයි.
අවුරුදු විස්සක් පමණ වයස වු ඇය මරා දමන්නට ඇත්තේ ඇය වෙනත් පුද්ගලයකු හා සම්බන්ධයක් පැවැත්වියැයි සැක කිරීමෙන් බවද ඇගේ දරු දෙදෙනා ශ්‍රී ලංකාවේ සිටින බව ද පොලීසිය සඳහන් කරයි.
වසරකට පමණ පෙර ඇය ලන්දේසි හාම්පුතාගේ නිවසේ රැකියාවට ගොස් ඇත්තේ ඔහුගේ සුරතල් බල්ලා ව්‍යායාම් සඳහා රැගෙන යාමට බවත් ඇගේ සැමියා මීට පෙරද සංචාරක වීසා මගින් එහි පැමිණ ඇති බවත් සොයාගෙන ඇත.
සංචාරක වීසා මගින් එහි ගිය සැමියා ඇය පිහියකින් ඇන මරා දමන්නට ඇති බවත් ඔහු ඩුබායි වලින් පැන යාමට ඕන්න මෙන්න කියා තිබියදී අත්අඩංගුවට ගත් බව ඩුබායි පොලීසිය පවසයි.

