ලංකාවට හතර වැනි තැන


සියදිවි නසාගැනීමේ වැඩිම ප‍්‍රවණතාවක් ඇති රටවල් සම්බන්ධ 2014 වසර සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර ඇති  වාර්තාවට ශී‍්‍ර ලංකාවද ඇතුළත්ව තිබේ.

එම රටවල් අතරින් සිව්වැනි ස්ථානය හිමිව ඇත්තේ ශී‍්‍රලංකාවට වන අතර පුද්ගලයින් ලක්ෂයක් සැළකුවහොත් ඉන් පුද්ගලයින් 29 දෙනෙකු පමණ සියදිවි නසාගන්නා වාතාවරණයක් ශී‍්‍ර ලංකාවේ තිබෙන බව එම වාර්තාවේ දැක්වේ.

පළමු ස්ථානය හිමිව තිබෙන්නේ ඝානාවට වන අතර එරට පුද්ගලයින් 10000 කට සියදිවි නසාගැනීම් 44 ක් පමණ සිදුවන බව සඳහන්ය.උතුරු හා දකුණු කොරියා දෙරට පිළිවෙලින් දෙවන හා තුන්වැනි ස්ථාන හිමිකරගෙන සිටී.

ලොව බොහෝ සියදිවි නසාගැනීමේ සිදුවීම් වාර්තා වන්නේ ආසියා කලාපයෙන් බව වාර්තාවේ විශේෂයෙන් පෙන්වා දී තිබෙන අතර ඒ සදහා ප‍්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ආර්ථික අපහසුතාය.

වස පානය කිරීම හා ගෙල වැළලාගැනීම සියදිවි නසාගැනීම සදහා වැඩියෙන්ම භාවිතා කෙරෙන ක‍්‍රමයන් වන බවද ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ සඳහන්ය.