ලංකාවට මඩ ගහන්න දෙන්න බෑ


ශ්‍රී ලංකාවේ ප‍්‍රතිපත්තියට හානිවන පරිද්දෙන් කොටි සංවිධානය ජාත්‍යන්තරව ගෙන යන අසත්‍ය ප‍්‍රකාශයට ශ‍්‍රි ලංකා රජයේ පාර්ශවයෙන් විදේශීය ප‍්‍රජාව මෙන්ම විදෙස් රටවල ජීවත්වෙන ශ‍්‍රි ලාංකික ප‍්‍රජාවද දැනුවත් කිරීමේ රැුස්වීමක්  ඕස්ටේ‍්‍රලියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් තිසර සමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙල්බර්න් නුවර මොනැෂ් විශ්ව විද්‍යාලයේ රොටුන්ඩා ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ මානව හිිමිකම් පිළිබඳ අමාතත්‍ය මහින්ද සමරසිංහ මහතා තම ජිනීවා සංචාරයේදී තම උපන් රටට පළමු තැනදී කටයුතු කළ බවත් යුද්ධය පැවැති කාලයේදී සාමාන්‍ය වැසියන් නොමැරුණු බව තමන් නොකියන බවත් ප‍්‍රකාශකර සිටියේය. මෙම රැස්වීමට ශ්‍රී ලාංකික සිංහල ජාතිකයන් මෙන්ම දෙමළ මුස්ලිම් සහ බර්ගර් ජාතිකයෝද ආහ.