යුද ගැටම් පැවති කාලවලදී ස්ත්‍රී දුෂණ සහ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වු රටවල් 21 ක් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කැර ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය කියයි.
ශ්‍රී ලංකාවට අමතරව ඇන්ගෝලාව ,බොස්නියාව,හර්සගෝවිනා,කම්පුචියා ,කොළොම්බියාව,ගිනියාව,ලයිබීරියාව,ලිබියාව,නේපාලය,සියරාලියෝන්,සෝමාලියාව,සුඩානය,යේමනය යන රටවල් ද එම ලයිස්තුවට ඇතුළත්ය.
යුරෝපය,ආසියාව,අප්‍රිකාව,දකුණු ඇමෙරිකාව සහ මැද පෙරදිග රටවල් කිහිපයක යුද ගැටුම් පැවති කාලවලදී සිදු වු දුෂණ සහ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන්කි මුන් මහතා විසින් මෙම රටවල් ඇතුලත් වාර්තාවක් නිකුත් කැර ඇත.
ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති අවසන් කාලයේදී සිදු වු බව කියන ස්ත්‍රී දුණෂ සහ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවත් මෙවැනි තත්ත්වයන් පිළීබඳව සොයා බැලීම සඳහා ලංකාවේ විශේෂ නියෝජිතයකු පත්කරන්නැයි ද යුද ගැටුම් පැවැති කාල සීමාව තුලදී සිදුවන දේශපාලන හා ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වු එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ විශේෂ නියෝජිත සයිනාබ් හවාබංගුරා කියා සිටින බව ඉනර්සිටි ප්‍රෙස් පුවත් සේවය පවසයි.

