
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පිළිබඳ නව කොවිඩ් රෙගුලාසි හඳුන්වා දීමට සංචාරක අමාත්‍යංශය කටයුතු කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් කොවිඩ් මර්දන එන්නත ලබා ගත් කාඩ්පත ඉදිරිපත් කළ යුතු වේ.
කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72කට පෙර ලබා ගත් පී.සී.ආර් වාර්තාවක් ඉදිරිපත් කර යුතු බවද එම රෙගුලාසි වල සඳහන් වේ. ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම රටවල සංචාරකයන් සඳහා මෙම රෙගුලාසි අදාල වන බවත් කොවිඩ් රෝගය පිළිබඳ ඇතිවන ප්‍රවණතා පිළිබඳ ශ්‍රී ලංකාව සැලකිල්ලෙන් සිටින බවත් සංචාරක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

