ලංකාවට උදව් කරන්න


ජනප්‍රිය ගායන ශිල්පි මිල්ටන් මල්ලවාරච්චිගේ පුත් රනිල් මල්ලවාරච්චි සංගීත ප්‍රසංග කිහිපයක් සඳහා ලන්ඩනයට පැමිණ සිටී.

මෙම ප්‍රසංග සියල්ලේ සම්පුර්ණ අදායම ශ්‍රී ලංකාවේ විවිධ සහනාධාර වැඩ පිළිවෙළ සඳහා යොදාගනේනා බව සංවිධායකයෝ පවසති.

රනිල් මල්ලවාරච්චි සහභාගීවූ  ප්‍රථම ගීත ප්‍රසංගය පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්විණි. 

දසක හතරකටත් වඩා දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මාන වල ජීවත්වන සිංහල පවුල්වල නිවාස, ජල පහසුකම් සහ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සුවිසේශී සහයෝගතාවයක් සපයා ලන්ඩනයේ හෙළ සරණ සංවිධානය  ඔවුනගේ ඉදිරි සුභ සාධක වැඩපිළිවෙළ උදෙසා ආධාර ලබා ගැනීමේ අරමුණෙන් සංවිධානය කළ මෙම ප්‍රසංගයේ අවසරපත් දින කිහිපයකින්ම විකිණී අවසන්වූ බව එම සංගමයේ සභාපති රාජා මීහිටිය කියයි.

රනිල් මල්ලවාරච්චි සහභාගීවන ගීත ප්‍රසංග මාර්තු මස 8 වැනි දින ස්ටෝර්ක් ඔන් ට්‍රෙන්ට් නගරයේදීත් 9 වැනි දින ලන්ඩන් නුවර කින්ස්බරි විද්‍යාලයේදීත් පැවැත්වීමට යයි.

9 වැනි දින කින්ස්බරි විද්‍යාලයේ පැවැත්වෙන ප්‍රසංගයේ සියලුම මුදල් යොදවනුයේ ලබන්නේ ශ්‍රී ලංකාවේ උතුර නැගෙනහිර ප්‍රදේශයන්හි අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීමත් ඔවුනගේ නිවාස පහසුකම්, ජල පහසුකම් සහ ඔවුනගේ දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් සපයාදීමේ පුළුල් වැඩපිළිවෙලක් සඳහා බව සංවිධායකයෝ කියති.