ලංකාදීපයට ඉතාලියෙනුත් සම්මාන


ගම්පහ රතුපස්වල ජල ප්‍රශ්නයේදී  ගැමියන් හා යුද හමුදාව  අතර ගැටුමේදී  දිවි දෙවැනි කරමින්  අපක්ෂපාතී මාධ්‍ය මෙහෙවරක යෙදීම අගයමින්  ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරීට උතුරු ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ  විශේෂ සම්මානයක් පුද කළහ.

මෙවරද වෙරෝනා නුවර හෙළ මියැසි සංගීත සංසදය පැවැත් වූ හෙළ මියැසි ගී රාවය දෙවන ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගය නැරඹිමට පැමිණි හය සියයකට අධික එම ලාංකිකයින් වෙනුවෙන්  ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා විසින් දීපා අධිකාරිට සම්මානය පිරිනැමීය.

වසර තිහකට අදික කාලයක් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකළ මෙහෙවර වෙනුවෙන් ප්‍රවීන සංගීත අධ්‍යක්ෂක රෝහණ විරසිංහයෝද  විශේෂ සම්මානයක් ලදහ.