ලංකාදීප වෙබ් අඩවි පුවතින් කපුගේ නඩුව ගොඩින් බේරෙයි
මියගිය ගායක ගුණදාස කපුගේ මහතාගේ බෙන්ස් මෝටර් රථය සම්බන්ධ නඩුව සමථයකට පත්කරගන්නා බව මහර අධිකරණයේදී සඳහන් විය.
කපුගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ බර්නි අල්විස් මහත්මිය මෙම නඩුව ලංකාදීප පුවත්පතේද ලංකාදීප වෙබ් අඩවියේද පළවීමෙන් ලොව පුරා ප්‍රචාරයක් ලැබුණු බව කීවාය. නඩුව සමථයකට පත් කර ගැනීමට කැමැති බවත් ඒ සඳහා කෙටි දිනයක් දෙන ලෙසට ඉල්ලා සිටියාය.
මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය : නඩුවේ හදිසි සම්මථයක් කර ගන්නේ ඇයි?
නීතීඥවරිය - ලංකාදීප වෙබ් අඩවියේ පළවීම නිසා කපුගේ මහත්මියට පිටරට හිතවතුන්ගෙන් ඇමතුම් ලැබුණා. ඒ නිසා නඩුව අවසන් කර ගැනීමට අදහස් කරනවා.
එතෙක් රථය මීගහවත්ත පොලීසිය භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරිය නියම කලාය.
කපුගේ මහතාගේ මෝටර් රථය අලුත්වැඩියාව සඳහා දෙල්ගොඩ පිහිටි ගරාජයකට බාරදී තිබේ. රුපියක් හය ලක්ෂයක් පමණ වන බිල නොගෙවීයැයි ගරාජ් හිමියා කපුගේ මහත්මියට එරෙහිවදල කාරය අලුත්වැඩියා නොකළැයි කපුගේ මහත්මිය ගරාජ් හිමියාට එරෙහිව නඩු දෙකක් පවරා ඇත.

