ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු බව කියන ඉඩමක් බලෙන් අල්ලා වැට කඩුලු බඳිමින් සිටි ස්ථානයකට ගිය ලංකාදීප මාධ්‍යවේදී හිරාන් ප්‍රියංකර ජයසිංහ මින් මද වේලාවකට පෙර මැර ප්‍රහාරයකට ලක්විය.
ඔහුට පහරදුන් මැරයෝ ඔහුගේ කැමරාවද කඩා දමා ඔහුගේ ගෙලෙහිවූ රන් මාලයද පැහැරගෙන ගිය බව කියති.
ඔහු මෙම ප්‍රහාරය ගැන පුත්තලම පොලිසියට පැමිණිලි කළේය. මහජනයාට තොරතුරු දැන්වීමේ උත්තරීතර වගකීම ඉටු කරද්දී එල්ලවූ මෙම මැර ප්‍රහාරය හෙළා දකින බව පුත්තලමේ මාධ්‍යවේදීහු කියති.

