ලංකාදීප පුවත පළ දරයි - අසරණ පවුලට සෙවණ සැදෙයි


(චමිල් රුපසිංහ)

“දරුවන් පහක කුසගිනි නිවන පංසලේ දානය“ මැයෙන් “ලංකාදීප වෙබ් පිටුවේ “ පුවත පළ දරමින් එම අසරණ පවුල වෙසෙන නිවසේ වහලය සම්පුර්ණයෙන් සාදා නිම කිරීමට ඕස්ට්‍රේලියාවේ පදිංචි අතිල් ගුණසේකර මහතා පියවර ගත්තේය.

ඔහුගේ ධන පරිත්‍යාගයෙන් ඔහුගේ මෙරට සිටින මිතුරකු වන නිශාන්ත සෙන්දනායක මහත්මා  ඇතුළු පිරිස පැමිණ නිවසේ කැඩි තෙමෙමින් තිබු වහලය ගලවා සිට් තහඩු සෙවිලි කර අද(5) සම්පුර්ණයෙන්ම පිළිසකර කර අවසන් කෙරිණි.

අංක 220/2 දිග්ගල වත්ත, හපුගහයටතැන්න, දවුලගල, හන්දෙස්ස පදිංචි ශාමා ගීතාංජලි දරුවන් 5 දෙනකුගේ මවක් වන අතර ඇගේ නිවස එසේ සකස් කර දුන් අතර මෙම පුවත ජනතාව අතරට ගෙන ගිය “ ලංකාදීප “ වෙබ් පිටුවට හා අද පුවත්පතට ද දෙයියන්නෙවල පියරතන නායක හිමියෝ ප්‍රශසා කළහ. මේ අතර නිවස වහලය සකසා පිළිසකර කර දුන්නත් නිවසේ අලුත්වැඩියා කටයුතු බොහෝමයක් ඇති බවත් එම දරුවන්ගේ මවගේ අසනීපය හා දරුවන්ගේ අධ්‍යාපනය සදහා ස්ථිර විසදුමක් ලබා ගැනිම ඉදිරි කටයුත්තක් බවද පියරතන හිමියෝ පැවැසුහ.