
(ඩයනා උදයංගනී)
ලංකාගම සිට නෙළුව දක්වා සිංහරාජ ලෝක උරුමය හරහා ඉදිකරන මාරගයේ ඉදිකිරීම්වලින් සියයට 98ක්ම මේ වන විට අවසන්ව ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම මාර්ගය පරිසර පද්ධතියට හානි නොවන අයුරන් ඉදිකර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
එය ඉක්මනින්ම ජනතා අයිතියට පත්කිරීමට පියවර ගන්නා බව කී ඇමතිවරයා කොවිඩ් වසංගත තත්වය තිබියදී වුවත් මේ මාර්ගය ඉදිකිරීමට ශක්තිය දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත වන බව ද කීවේය.
විපක්ෂය ප්‍රමුඛ අනෙකුත් විරුද්ධ මතධාරීන් මෙම මාර්ගයේ කටයුතු ආරම්භ කළ දා සිටම එයට විරුද්ධව කතා කළ බව කී ඇමතිවරයා ඔවුන් කිසිවෙක් මෙම මාර්ගයට හොඳක් කීවේ නැතැයි ද ප්‍රකාශ කළේය.
මෙහි ගස් කපනවා සිංහරාජය විනාශයි කියා ඔවුන් කීවත් මෙම මාර්ගය ඉදිකිරීමේදී කිසිඳු ගසක් කපා දැමුවේ නැතැයි ද අමාත්‍යවරයා පැවසීය.
මෙහි ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය මගින් සිදු කළ බව ද හෙතෙම කීවේය.




