ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සෞදි අරාබියේ සංචාරක ව්‍යාපාරයට අනුබද්ධ ආයතන සමග තොරතුරු හුවමාරු කර ගැනීමේ රෝඞ් ෂෝ නම් වැඩසටහන් මාලාවක් සෞදි අරාබිය පුරා පැවැත්විණි.
සෞදි අරාබියේ රියාද් පහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පූර්ණ අනුග‍්‍රහයෙන් පැවැති මෙම ව්‍යාපාර ප‍්‍රවර්ධන වැඩසටහන් මාලාව රියාද් කේන්ද්‍ර කර ගනිමින් ජෙඩා කලාපය සහ නැගෙනහිර කලාපය ආවරණය කරමින් සංවිධානය කර තිබිණි.
ගරු ශ්‍රී ලංකා තානාපති වඩිවෙල් ක‍්‍රිෂ්ණමූර්ති මහතාගේ සහභාගිත්වයෙන් සහ මග පෙන්වීමෙන් පැවැති මෙම රෝඞ් ෂෝ වැඩසටහනෙහි අවසන් අදියර 2013 සැප්තැම්බර් 10 වෙනි දින අල් කොබාර් මැරිඩියන් හෝටල් පරිශ‍්‍රයේදී වැඩසටහන පැවැත්විණි.
වසර තිහක යුද්ධය නිමාවීමෙන් පසු නැගී එන ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමේ මූලික පදනම මත සංවිධානය කර තිබූ මෙම වැඩසටහන් මාලාව සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අනුබද්ධිත ආයතන වල විධායක ශ්‍රේණියේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූ අතර සෞදි අරාබියේ විවිධ රටවලට අයත් සංචාරක කර්මාන්තයේ විවිධ ආයතනවල නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගි වී සිටීම කැපී පෙනෙන ලදී.
ශ්‍රී ලංකාව පිළිබඳව හරවත් දේශනයක් කරමින් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ගරු වඩිමෙල් ක‍්‍රිශ්නමූර්ති මහතා පැවසූවේ නැගී එන ශ්‍රී ලංකාවේ දියුණුවත් සමගම විදෙශීය සංචාරකයින් සඳහා වැඩි දියුණු කරන ලද සංචාරක පහසුකම් වල සුව පහසුව විඳීමට ලස්සන ශ්‍රී ලංකාවට පැමිණ සංචාරක කර්මාන්තය සමග අත්වැල් බැඳගන්නා ලෙසයි.
ශ්‍රී ලංකා තානාපතිකාර්යාලයේ ව්‍යාපාර කටයුතු පිළිබඳ ලේකම් අනිල් සිරිමාන්න මහතා ද ශ්‍රී ලංකා ගුවන් සේවය වෙනුවෙන් සෞදි අරාබියානු කළමනාකාර ශිරාන් ඒ. පෙරේරා මහතා ද සංචාරක කර්මාන්තය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව හරවත් කතා පවත්වන ලදී.
ශ්‍රී ලංකාවේ වෝර්කස් ටුවර්ස් වෙනුවෙන් විධායක නිලධාරි සන්දීප් ජයවර්ධන, සෞදි අරාබියේ කැනූ ට‍්‍රැවල්ස් (සෞදි) ( මොංනාවල් ඉන්ජන්ස් ටැංගරින්) (ශ්‍රී ලංකා) ලියෝන් බෙල්කසාර්, අසාරියර් ටුවර්ස් (සෞදි) රානියා ශර්කුවයි මැතිනියද රෝසන් ටුවර්ස් වෙනුවෙන් සාගර පලිහුවඩන මහතා ද එයිට්කන් ස්පෙන්ස් වෙනුවෙන් කනිශ්ක පේ‍්‍රම් මහගෙදර මහතාද හෙලන්කා වැකේෂන් වෙනුවෙන් සම්පත් ප‍්‍රනාන්දු, කොස්කෝඞ් එක්ස්හෝටික් ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි ඩැනියෙල් මහතා ද සිනමන් ග‍්‍රෑන්ඞ් වෙනුවෙන් එහි විධාක නිලධාරි අසංක ප‍්‍රනාන්දු මහතා ද ජෙව්ටින් ට‍්‍රැවල්ස් වෙනුවෙන් සිසිර අබේරත්න මහතාද සහභාගි වී සිටියහ.