ලංකා විරෝධය මෙල්බර්න් පිටිය ළඟටත් යයි


ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් පිටියේ අද දෙවැනි තරඟය ඇරඹෙද්දී 150ක් පමණ වූ දෙමළ ජනයා ශ්‍රී ලංකාවට එරෙහිව පෙළපාළි ගියහ.

රජය දැඩි දෝෂ දර්ශනයට පත් කරමින් ඔවුන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව යුද අපරාධ කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ කැත නම ක්‍රිකට් ක්‍රීඩාවෙන් වසා ගැනීමට යතියි ද ඔවුහු චෝදනා කළහ.

යුද අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන විභාගයක් පවත්වන තුරු ඕස්ට්‍රේලියාව සමග ක්‍රිකට් නොගසන්නැයි ට්‍රෙවර් ග්‍රාන්ට් නම් හිටපු ක්‍රිකට් ලේඛකයෙක් පැවසීය.