ලංකා මිරර් පරිගණක උසාවියෙන් නොදේ


පසුගිය ජූනි 29 වැනිදා පිටකෝට්ටේ දී ශ්‍රී ලංකා මිරර් හා එක්ස් නිවුස් වෙබ් කාර්යාල වටලා අත්අඩංගුවට ගත් පරිගණක කොන්දේසි සහිතව අයිතිකරුවනට දෙන ලෙස නීතිපති උපදෙස් දී තිබුණත් රහස් පොලිසිය ඊට විරුද්ධ බව කොළඹ වැඩබලන මහේස්ත‍්‍රාත්ට දැන්වීය. එම පරිගණකවල ඇති දත්ත මකා දැමීමට ඉඩ ඇති නිසා බාරදීමට එරෙහිවන බව රහස් පොලිසිය කියා සිටියේය. නඩුව ලබන හතර වැනිදාට කල් තැබිණි.