ලංකා ප‍්‍රසංගයක් වෙරෝනා නුවර


ඉතාලි ශ්‍රී ලාංකික ජන ජීවිතයේ උරුමය අරුමය හා කරුමය යන තේමාව  රැගත් බුද්ධිමය ශාස්ති‍්‍රය සංගීතය සංවාදයක් වෙරෝනා ස්තිමාතේ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. කොළඹ විජයබා විදුහලේ හිටපු සංගීත ආචාරිනී චන්ද්‍රිකා නිශ්ශංක මහත්මිය මේ ප‍්‍රසංගය නොමිලේ පැවැත්වුවාය. ඉදිරියටත් මෙවැනි ප‍්‍රසංග මාලාවක් පවත්වන බව එහි සංවිධායක කීර්තිසිංහ හෙට්ටිතන්ති‍්‍ර මහතා කීය. බුද්ධි රශ්මි කලායතනයේ දරු දැරියෝද ඊට එක්වූහ.