(නිමල කොඩිතුවක්කු)
ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. යෝගරාජ් මහතාත් පත්කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා විසින් අද(12) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එම පත් කිරීම සිදු කරනු ලැබීය.
වතු කම්කරු ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා තමා කැප වන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස පත් වීමෙන් අනතුරුව නවීන් දිසානායක මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ය.
ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා ද ලේකම්වරයා ලෙස වඩිවේල් සුරේෂ් මහතා ද මෙයට පෙර කටයුතු කරනු ලැබීය.

