රෝහල් ලොතරැයියට යළි පණ


අතීතයේ පැවති ආරෝග්‍යශාලා ලොතරැයිය හා සමාන ලොතරැයියක් නැවත ආරම්භ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ශඛ්‍යතා අධ්‍යයනයක් සිදු කරගෙන යන බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශර්මිලා පෙරේරා මහත්මිය පැවසුවාය.

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පවතින දරුණු රෝගී තත්ත්වයන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අපහසු රෝගීන්ට පිළිසරණක් ලෙසින් මෙවන් ලොතරැයියක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය මතුවී ඇති බවත් ශර්මිලා පෙරේරා මහත්මිය සඳහන් කළාය.

ඇතැම් සැත්කම් සහ වෙනත් වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් විශාල මුදල් වැය කළ යුතුව ඇති බවටත් හෙළිදරව් වී ඇත.

එම නිසා සමාජ සත්කාරයක් ලෙස මෙවැනි ලොතරැයියක අවශ්‍යතාව පැණ නැගී ඇති බැවින් මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ උපදෙස් මත මෙම කර්තව්‍ය සිදුවෙයි.