රෝයල්පාක් මිනීමරුවාට පෝරකේ
රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජෝන්ස් නම් තරුණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශමන්ත ජූඞ් ජයමහට කොළඹ මහාධිකරණයෙන් පනවා තිබූ වස 12 බරපතළ වැඩ සහිත සිරදඬුවම මරණ දඬුවමක් දක්වා දීර්ඝ කිරීමට අද (11) අභියාචනාධිකරණය තීන්දු කළේය.
එම විත්තිකරුට කොළඹ මහාධිකරණය දුන් සිරදඬුවමටට එරෙහිව විත්තිකරු සහ නීතිපති වෙත වෙනම ගොනු කර තිබූ අභියාචනා පෙත්සම් දෙක පිළිබඳ විභාගය අවසන් කරමින් අභියාචනාධිකරණ විනිසුරුවන් වන රංජිත් සිල්වා සහ නලින් පෙරේරා විසින් ඒකමතිකව මෙම තීන්දුව ලබා දුන්නේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මහාධිකරණය ලබාදුන් දඬුවම ප‍්‍රමාණවත් නොවන බව පවසමින් නීතිපති ඇපෑලක් ඉදිරිපත් කෙළේය.
දඬුවම අඩුකරන මෙන් ඉල්ලා විත්තිකරු ඇපෑලක් ඉදිරිපත් කෙළේය.

