රෝමයේ හෙයියන්මාරුව
පසුගිය නම වැනි දා රෝමයේ ශ්රි ලංකා තානාපති කර්යාලයෙන් සේවය ලබා ගැනිමට පැමිණි ශ්රී ලාංකිකයකු ඵහි නිලධාරිනියකට බැන වැදීමෙන් පසුව ඉරිදා දිනයන්හි තානාපති කර්යාලයය දින නියමන් නොමැතිව වසා තබන බව පසුගිය සිකුරාදා නිවේදනය කෙළේය. එසේ බැන වැදුණු බව කියන වෙරෝනා නගරයේ පදිංචි අර්වීන් සුරංජන් මෙසේ කියයි.
මම සෙනසුරාදා රෑ නමයයි ගෙදරින් යද්දි බස් රියක අපි හැත්තෑවක් විතර ගියා ඉරිදා පාන්දර 5.30 වන විට අපි තානාපති කර්යාලයයට ළඟා වූහ. මම සවස හතර වෙනතුරු පෝලිමේ හිටියා. මේ ප්රශ්නය ඇති වූනේ මගේ දරුවට ගමන් බලපත්රයක් ගැනිමට ලියකියවිලි ඉදිරිපත් කරද්දි. ඵතන හිටි නිලධාරිනියක කියූ විදියට අයැදුම් පත්රයේ ඵක තැනක මම දරුවාගේ නම ලිව්වා ලියකියවිලි බාර ගැනිමේදි ඇය කියනවා දරුවගේ නම ලියපු තැන වැරදි බව ඵතැන මම අත්සන් කළ යුතු බව ඵ් හේතූවෙන් ඇය මාව නැවත හරවා අරින්න උත්සාහා කළා වතුර උගුරක්වත් නැතිව පැය ගානක් පෝලිමේ සිට විඳපු දුක් ගැන හිතලවත් දරුවාගේ ගමන් බලපත්රය කොහොම හරි හදලා දෙන්නැයි මම ඇයට බැගෑපත් වුණා නැත්නම් මට තවත් දිනක කිලෝ මීටර් හාරසියයකට වැඩි දුරක් ගෙවා මේ සදහා ඵන්න ඔනෑ කියලත් කිවිවා ඇය ඵ්කට ඇහුම්කම් දුන්නේ නැහැ ඵ් වෙලාවේ මට පොඩිඩක් තරහා ගියා මම කිවිවා මගුල මිස් මට හරිතැන පෙන්නුවා නම් මේ දේ වෙන්නේ නැහැ නේද කියලා ඵ්කයි මම කියපු වැරදි වචනේ මම කිව්ව දේට මම පසුව දෑත් ඵක්කාසු කරලා සමාව අයැද සිටියා තානාපතිතුමාගෙනුත් මා සමාව ගත්තා මගේ ඉල්ලුම් පත්රයේ ලියකියවිලි නිලධාරින් කුණු කූඩෙට දාලයි තිබුණේ තානාපතිතුමා ඇවිත් පැය දෙකකට පස්සේ දරුවගේ ගමන් බලපත්රය හදන්න බාරගත්තා.
මිලානෝ නුවර මිහිරි පුංචිහේවා මේ සිදුවීමට සමිබන්ධ තවත් අයෙකි ඔහු ද මෙසේ කීය. බැන වැදුන පුද්ගලයාට ඔහු කරපු වැරැද්ධ පහදලා දුන්නා. නමුත් මම දන්නේ නැහැ ඔහු කියපු පරුෂ වචනේ මොකක්ද කියලා. මේ නිලධාරින් ස්වෙචිවාවෙන් කරන සේවයට අපි ගරු කළ යුතුයි මම ඔහුට කිවිවා ඵ් අවස්ථාවේ ඵතැනට ආපු ප්රධාන නිලධාරිනියක් මට තානාපති කර්යාලයෙන් ඵලියට බහින්න කියලා නියෝග කළා නැත්නමි පොලිසියෙන් ගෙන්වනවා කිවිවා මම ඇයට කිවිවා පොලිසියෙන් හරි හමුදාවෙන් හරි ගෙන්නලා මේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ වැඩ ටික කරලා දෙන්න කියලා පසුව පොලිසියෙන් ගෙන්නලා මා ඵලියට දැම්මා.
මුදල් රැගෙන බස්රථ මගින් මිනිසුන් තානාපති කර්යාලයට රැගෙන යෑම පිළිබඳව ඔහු මෙසේ පැවසීය. මිලානෝ නගරයේ සිට තනි කෙනකුට තානාපති කර්යාලයට යන්න ඵන්න ගමන් වියදමට විතරක් යුරෝ ඵකසිය විස්සක් යනවා බස්යකට යන්නත් යුරෝ හැත්තෑපහක් වීතරයි. උදේට කෑම දවල්ට කෑමත් දෙනවා ලියකියවිලි පුරවා ගන්න උදව් කරනවා ඉතින් ඵ්ක මිනිස්සුන්ට හරි පහසුවක්.
මේ පිළිබඳව කරුණු දැනගැනිම සදහා නියොජ්ය තානාපතිනි අරුණි රණරාජා මහත්මිය සමිබන්ධ කරගැනිමට සඳුදා (17) පස් වතාවක් ද අඟහරුවාදා පස්වතාවක් (18) උත්සහා කළ ද දුරකථන ක්රියාකරු කියා සිටියේ විටෙක ඇය වෙනත් දුරකථන ඇමතුමක් තවත් විටෙක අසුනේ නොමැති බවත් අවසන් වතාවේ දි ඇය හදිසි රැස්වීමක සිටීන බවත් කීවේ තානාපති අසිත පෙරේරා මොල්ටා රජ්යට ගොස් ඇති බැවීන් ඔහුද සම්බන්ධ කරගත නොහැකි විය.
රෝම තානාපති කාර්යාලයයේ ඉරිදා සේවය ස්වේච්ඡාවෙන් ඇරඹුනේ හිටපු තානාපති හේමන්ත වරුණකුලසූරිය තානාපති සමයේය. ඒ වෙනුවට බදාදා නිවාඩු ලැබිණි. නව තානාපති බදාදා ද වැඩ කරන දිනයක් බවට පත් කිරීම නිසා සේවකයනට නිවාඩු ලැබුණේ සෙනසුරාදා පමණී. ඉරිදා සේවය නතර කිරීමත් සමග දැන් සති අන්තයට නිවාඩුය.

