රෝම පන්සල් දෙකේ වස් පිංකම
රෝම බෞද්ධ වීහාරයෙ කඨිණ පින්කම ඔක්තෝබර් 31 - නොවැම්බර් පළමු වැනිදා ද රෝම ධර්මාශෝක පන්සලේ පින්කම මෙම මස 27 - 28 යන දිනයන්හි දි පවත්වන බව විහාරස්ථ දායක සභාව කියයි. ජපාන, කැනඩා සිංගප්පුරු, ඵංගලන්ත හා ශ‍්‍රි ලංකාවේ ද ඉතාලියේ නොයෙක් වීහාරස්ථානයන්හි ද සංඝරත්නයට අරියුම් කළ බව රෝම විහාරාධිපති මොල්ලිගොඩ ධීරානන්ද හිමියෝ කියති. ආචාර්ය වරාගොඩ පේමරතන, ජනාධිපති උපදේශක බෙන්ගමුවේ නාලක ශ‍්‍රි ලංකාවේ ප‍්‍රධාන පිරිවෙන් පරික්‍ෂක රාජකීය පන්ඩිත නැදගමුවේ වීජයමෛත‍්‍රි යන හිමිවරුනට ද මිලානෝ ෆිරෙන්සි මෙස්සීනා වෙරෝනා ලත්තීනා හා රෝයිටී වීහාරස්ථානයන්හි හිමිවරුනට ද ඇරියුම් කළ බව විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝ කියති. ඉතාලියේ ප‍්‍රධාන සංගනායක පදවියෙන් පිදුමි ලද දබදෙනියේ ධමිමාරාම හිමියන්ට අක්තපත‍්‍ර පිරිනැමීමද මේ පින්කමේ දී සිදු වෙයි.

