රෝම තානාපති කාර්යාලයය ඉරිදාට වහයි


රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ඉරිදා සේවය යළි දැනුම් දෙනතුරු නතර කරන බවට සිකුරාදා සිට එහි  දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබේ.  ඉරිදා සේවය කලක පටන් පැවැතියේය. ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් කොන්සියුලර් සේවා සපයා ගැනීමට බොහෝ දුර සිට රෝමයට පැමිණීමට පුරුදු වී සිටියහ. මේ ගැන විමසීමට තානාපති අසිත පෙරේරා මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහා කළත් නොහැකි වූයේ ඔහු මොල්කා  රජ්‍යයට ගොස් සිටි නිසාය. තානාපති කාරියාලයයේ මේ තත්ත්වය ගැන බොහෝ ශ්‍රී ලාංකිකයෝ නොසතුට පළ කරති.