රෝද හතරේ ගණිකා නිවස වටලයි


කාරයක ජංගම ගණිකා හලක් පවත්වාගෙන යමින් සිටියදී පොලිස් වැටැලීමේදී පොලිස් ඔත්තුකරුගේ අත සපා කෑ බව කියන කතක් ලබන 12 වැනිදා තෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබීය. ඔත්තුකරුගේ අත සපා පැනගිය සැකකාරිය ජංගම ගණිකාහල පවත්වාගෙන ගිය බවට තොරතුරු ඇතැයි පොලිසිය කියයි. ඇයද තවත් ගැහැණියකද සැකපිට අත්අඩංගවට ගනු ලැබූහ.