
(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව දිස්ත්‍රික්කයට මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරන රොෂාන් රණසිංහ මහතා මැතිවරණ පැමිණිල්ලක් සම්බන්‍ධයෙන් විමර්ශනය කිරීමට පොලොන්නරුව , නවනගරයට ගිය මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිසකගේ රාජකාරියට අද (19) බාධාකළ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම කියයි.
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පොලොන්නරුව නවනගරය ප්‍රදේශයේ පිහිටි හෝටලයෙක රැස්වීමක් පැවැත්වෙන බවට මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමට ගිය නිලධාරීන් පිරිසකට බැණවැදී ඔවුන්ගේ රාජකාරියට බාධාකළ බවට ඒ නිලධාරීහු මැතිවරණ කොමිසමට පැමිණිලිකර තිබේ.
එම නීති විරෝධී රැස්වීමට රජයේ වාහන යොදාගෙන රජයේ සේවකයින්ද සහභාගී කරවාගෙන සිටි බවට මැතිවරණ කොමිසමේ නිලධාරින්ට සිය විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් වාහනයක් සහ එම වාහන සමඟ පැමිණි රජයේ නිලධාරීන්ද රැස්වීමේ සිටි බවට මැතිවරණ කොමිසමේ නිලධාරීන් කරුණු වාර්තා කර තිබේ.

