රේල්පීලිත් ගිලලා


මැදවච්චියේ සිට තලේමන්නාරම දක්වා ඉදිකෙරෙන දුම්රිය මාර්ගයේ සවි කිරීම රැගෙන ආ රේල්පීලි අටක් සොරකම් කළ බව කියන එම ගබඩාවේ ආරක්ෂකයෝ සිව් දෙනෙක් එම රේල් පීලිද සමග මැදවච්චිය පොලිසිය විසින්  අත්අඩංගුව ගනු ලැබූහ.

ඉන්දියා ඉදිකිරීම් සමාගමකට අයත් මැදවච්චිය යකාවැව ගබඩාවේ තිබියදී සොරාගත් මෙම රේල් පීල්ලක දිග අඩි 150ක්. ඒවා ලොරියකින් පටවාගෙන යා හැකි ආකරයට කොටස් කර තිබූ බවත් පොලිසිය පවසයි.  තවත් ඒක් අයකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.