කොළඹ වරායේ රේගු නිවාරණ අධ්‍යක්ෂ රංජන් කනගසබේ මහතා ඇපකරුවන් දෙදෙනකු ද සමග රුපියල් පන්ලක්ෂයක ඇපයක් මත මුදා හරින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය නියෝග කළාය.
කන්ටේනර් පහකින් ගෙන ආ වාහන අමතර කොටස් මුදා හැරීමට රුපියල් ලක්ෂ පනහක් ඉල්ලා රුපියල් දස ලක්ෂයක අල්ලසක් ගත්තැයි අල්ලස්හෝ දුෂණ කොමිසම ඔහුට එරෙහිව මෙම පැමිණිල්ල කර ඇත.
පැමිණිලිකරු මීගමුව තිඹිරිකටුවේ හර්ෂ ප්‍රභාත් නම් ව්‍යෘපාරිකයෙකි. ජනාධිපති නීතීඥ සී ආර් ද සිල්වා මහතා මහේස්ත්‍රාත් උසාවියේ පැවති මුලික නඩු විභාගයේදී පැවසුයේ රේගු නිලධරයා රජයට රුපියල් දස ලක්ෂ ගණනින් මෙවැනි සිද්ධිවලදී මුදල් උපයා දී ඇති බවයි.
පැමිණිලිකරු කැළැල් සහිත පුද්ගලයෙකිද ඔහු එහිදී කියා සිටියේය. සී ආර්ද සිල්වා මහතා පවසා ඇත්තේ කනගසබේ මහතා ළග තිබී මුදල් සොයා නොගත් බවයි එහෙත් මුදල් බිම තිබු බවයි.