(අංජුල මහික වීරරත්න)
අගමැති නියෝග අනුව මහ බැංකුව නිකුත් කළ ඩොලර් වැයකර රේගුවෙන් නිදහස් කළ කිරිපිටි වලින් කොපමණ ප්‍රමාණයක් කල් ඉකුත් නොවී තිබුණේ දැයි රජය වහාම හෙළි කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය .
රට තුළ පවතින ඩොලර් හිඟය නිසා රේගුවේ දිගු කලක් සිරවී තිබූ කිරි පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මහ බැංකුවෙන් නිකුත් කළ ඩොලර් යොදවා නිදහස් කළ ද ආහාර වැඩි ප්‍රමාණයක් කල් ඉකුත් වී තිබූ බවට තොරතුරු ඇතැයි ද අබේවර්ධන මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා මේ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග පැවති සාකච්ඡාවක් අතරවාරයේය.
සැලැස්මක්, වැඩපිළිවෙලක් හෝ ඉදිරි දැක්මක් නැතුව රජය මෙතෙක් ක්‍රියා කළ ආකාරයෙන් ම ජනතාවට දැන් කල් ඉකුත් වූ ආහාර ගැනීමටත් සිදුවේ දැයි සැකයක් පවතින බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

