රේගන් ඝාතනයට ලංකාව හවුල්ලු
කොට් සංවිධානයේ පැරිස් නායකයා වන තම පියා - නඩරාජා මතීන්දිරන් (49) හෙවත් රේගන් ඝාතනයට ශ්‍රී ලංකා රජය වගකිව යුතු යැයි ඔහුගේ දියණිය සාරා චෝදනා කරන්නීය. ප්‍රංශයේ දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රධානියා වූ ඔහු දින කිහිපයකට පෙර වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ‘ හොඳට වෙඩි තැබීමේ දක්ෂයන්‘ තම පියා මරා දැමී යැයි සාරා කියන්නීය. ඔහු මරා දැමුණු තැන පැවැති රැස්වීමකදී ඇය එම චෝදනාව කළාය. හාරසියයක් පමණ දෙනා ඊට එක් වූහ.

