රොමේෂ් මධුෂංඛ
”පළාත් සභාව විසුරූ පසු උතුරු ආණ්ඩුකාරවරයා කිලිනොච්චියේ පන්සල් හදන්න යයි” යන සිරස්තලය යටතේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා 2018.07.30 දමිළ පුවත්පතකට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර ඇත.
එම පුවත්පතට අනුව පළාත් සභාව විසුරු වු පසු කිලිනොච්චිය ප‍්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන දෙකක් ඉදිකිරීම සඳහා ආණ්ඩුකාරවරයා සැලසුම් සකස් කරමින් සිටින බව විග්නේෂ්වරන් මහතා පවසා ඇත.
එම ප‍්‍රකාශය මුළුමනින්ම සාවද්‍යය බවත් එවැනි විහාරස්ථාන තැනීම හෝ ඉදිකිරීම සඳහා සැලසුමක් සකස් කර නොමැති බවත් එම නිවේදනනයේ සඳහන් වේ.
එහි මෙසේ ද සඳහන් ය. විග්නේෂ්වරන් මහතාට අප අභියෝග කරනුයේ ඉදිකිරීමට යෝජිත විහාරස්ථාන දෙක කවරක්ද යන්නත් එය ඉදිකරන ප‍්‍රදේශය අයත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හෙළි කරන ලෙසත්ය.
කිසිඳු ආගමක් ප‍්‍රචාරණය කිරීමට හෝ ප‍්‍රවර්ධනය කිරීමට ආණ්ඩුකාරවරයා හෝ ආණ්ඩුකාර කාර්යාලය මේ වන තෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති අතර සෑම ආගමකටම ගරු කරමින් කටයුතු කරන ආණ්ඩුකාරවරයාට අභූත චෝදනා නොකරන ලෙස සී. වී. විග්නේෂ්වරන් මහතාට අවධාරණය කරමු.
පටු දේශපාලන වාසි තකා හැම විටම, හැමදාමත් අසත්‍ය ප‍්‍රකාශ කරමින් කටයුතු කරන විග්නේෂ්වරන් මහතාගේ තවත් බොරුවක් ලෙස මෙය හැඳින්විය හැකිය.
පසුගිය කාලයේදීත් උතුරේ පුනරුත්තාපනය වූ තරුණයන්ට පුරුෂ ශක්තිය හීන වීම සඳහා එන්නත් ලබා දෙන බව ප‍්‍රකාශ කරමින් මහත් ඝෝෂාවක් කළ විග්නේෂ්වරන් මහතා එම බොරුව හමුවේද පරාජය විය.
එසේම පසුගිය දිනක උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් 2017/285 නඩුවට අදාළව අභියාචනාධිකරණය ලබා දුන් අධිකරණ නියෝගයට සම්බන්ධව 2018.07.11, 12, 13 දිනැතිව යවන ලද ලිපි විග්නේෂ්වරන් මහතාට නොලැබූණු බව ප‍්‍රකාශ කරමින් අසත්‍ය ප‍්‍රකාශ පළාත් සභාවේදී ද කළ බව ට ද තහවුරු වී ඇත.
ඉතාම මෑතකදී උතුරේ ආණ්ඩු 3 ක් පවතින බව ප‍්‍රකාශ කරමින් මහත් ඝෝෂාවක් කළ ප‍්‍රධාන අමාත්‍යවරයා පසුව නිශ්ශබ්ද පිළිවෙතක් අනුගමනය කරමින් කටයුතු කරන ලදී.
උතුරේ සිංහල ජනපද ප‍්‍රවර්ධනය කරන බවට චෝදනා කළ ප‍්‍රධාන අමාත්‍යවරයා එහිදී ද අසත්‍ය ප‍්‍රකාශ කරන බවට සනාථ විය.