රූපවාහිනියත් ජංගමෙත් දරුවනට මරුවෙක්


අනුරාධපුර දිශාවේ ලක්ෂ අටහමාරක ජනගහනයෙන් මවුවරුන් ලක්‍ෂ බාගයක් ගෘහ සේවිකාවන් ලෙස පිට රට ගොස් ඇතැයි ද ඉකුත් වසර 11 දී එක් ලක්‍ෂ හතළිස් දහසක් මවුවරුන් එතෙර ගොස් ඇතැයි ද කුඩා දරුවන් අපයෝජනයට ලක් වීමේ දැඩි අවදානමක් ඇතැයි අනුරාධපුර ළමාරක්ෂණ නිලධාරි මහේන්ද්‍ර දසනායක මහතා කියයි. මාපිය සෙනෙහස නැති වීමට අමතරව රූපවාහිනී, ඞී.වී.ඞී. හා ජංගම දුරකතන ආදියද දරුවා ප‍්‍රපාතයට ඇද දමන බව ඔහු කියයි.