අලූත් අවුරුදු උදාවත් සමග පැරීසියේ සන් රයිස් සංචාරක සමාගම විසින් සංවිධානය කැරෙන රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා සමග ඔවුන්ගේ දරුවන්ද ගී ගයන රූ සඳ රෑ සංගීත ප‍්‍රසංගය අපේ‍්‍රල් 12 වැනි ඉරුදින සවස 05ට පැරිස් කලාප අංක 08 සොම් ශෙලිසේ ජෙට් සෙට් ක්ලබ් ශාලාවේදි පැවැත් වීමට යයි.
රොහාන් ෆොන්සේකා ප‍්‍රමුඛ පැරීසියේ ශ්‍රී සංගීත කණ්ඩායම රූ සඳ රෑ ප‍්‍රසංඟය සංගීතවත් කරන්නේය. සංගීතා, ජැක්සන් ඇන්තනී, දමිත්, කාංචනා සහභාගිවු යුනි ලංකා සංගීත රාත‍්‍රිය හා ශ්‍රීලංකාවේ ජනප‍්‍රිය ගායක පුතුන්වූ ඉෂාක් මොහිදීන්, ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු, ප‍්‍රියංකර පෙරේරා ආදීන්ගේ සංගීත ප‍්‍රංසංඟ සංවිධානය කළ සන් රයිස් සංචාරක සමාගම ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් වන අතරම ශ්‍රී ලන්කන් ගුවන් ටිකට් පත් සාධාරණ මිලකට ලබා ගැනීම සදහා විවිධ යෝජනා ඉදිරිපත් කරමින් වෙහෙසෙන සංචාරක සමාගමකි.


