රුහුණු විශ්ව විද්‍යාලයේ නවක වදය හේතුවෙන් සිසුවියන් සිව්දෙනකු රෝහල්ගතව ඇතැයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කියයි.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සිද්ධියට සම්බන්ධ සිසුන්ට දඬුවම් පැමිණවීමට කටයුතු කරන බව රුහුණු විශ්ව විද්‍යාලයීය උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා පවසයි.

