රුහුණු ගොවියෝත් වතුර ඉල්ලති


මුරුතවෙල ජලාශයෙන් දියවර සැපැයෙන තම බණ්ඩි ගොයමට වතුර ඉල්ලමින් මාවෙල මහවැව් ජනපද ගොවීහු දහසක් පමණ ඇඹිලිපිටිය - නෝනාගම මාර්ගයේ වාඩි වී අද උද්ඝෝෂණයක් ඇරැඹූහ. උදේ පැය දෙක හමාරකට පාර අවහිර වී තිබිණි.