රුසියාවේ විදෙස් ඇමැති 13දා දිවයිනට


(තිළිණි  ද සිල්වා)
 
රුසියාවේ විදේශ කටයුතු අමාත්‍ය සර්ගි ලැව්රෝව් මහතා දෙදින නිල සංචාරයක් සඳහා  ලබන 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
 
රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජනාධිපති, අගමැති, විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
 
විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා සහ රුසියා විදේශ ඇමැති අතර හමුවක් ලබන 14 වැනිදා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිත බවද එම අමාත්‍යාංශය කියයි.